ලිබරල්කරණය සහ දේශපාලන දිරාපත්වීම

08 Feb 2015 - Commentary

විරුද්ධ පක්ෂය විසින් ප‍්‍රධාන වශයෙන් මතුකළ කාරණා වන දුෂණය, ඥාති සංග‍්‍රහය හා රාජ්‍ය ආයතන දේශපාලනීකරණය මෙවර ජනාධිපතිවරණයට පාර කියුවද තවදුරටත් ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතීපත්තීන් අපැහැදිලිව පවතී” ඒ වෙනුවට මැතිවරණ සමයේ රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්තිවලට එල්ල වූ විවේචනවලට ප‍්‍රතිචාර දැක්වූ රනිල් වික‍්‍රමසිංහ වැනි අය වර නැගුවේ තව දුරටත් ලිබරල්කරණය වු ආර්ථිකයක අවශ්‍යතාවයයි” කෙසේ වුවද වත්මන් පාලන හවුලෙහි කොටස් කරුවෙකු වෙන ජාතික හෙළ උරුමය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ රෙජීමයට විරුද්ධව ගෙන ගිය ස්වාධීන අරගලයේදී විදේශ ආධාර මත සිදුවූ සංවර්ධන ව්‍යාපෘතීන්ට මහත් විරුද්ධත්වයක් මතු කළේය” කෙසේ නමුත් රාජපක්ෂ රෙජීමයට එල්ල කළ විවේචනවලට මුලික වූයේ දේශපාලන දිරාපත්වීම මගින් ආර්ථික කාරණා යටපත් කර ඇති බවයි”

ආර්ථිකයේ ලිබරල්කරණයත් සමග ඇති වූ ප‍්‍රශ්නවලට මග කීවේ දේශපාලන දිරාපත්වීම මගින් බවට විවේචන එල්ල වූ පළමු වතාව මෙය නොවේ” එය 1977 විවෘත ආර්ථිකය ඇති කළ වකවානුව දක්වා දිව යයි” මීට පටහැනිව ඬේවිඞ් ඩන්හම් හා සිසිර ජයසූරිය විසින් 1970 සිට 1990 දක්වා ශ‍්‍රී ලංකාවේ ලිබරල්කරණයට මග කිවු තත්වයන් පිළිබදව රචනා කළ ලිපියක සදහන් වන්නේ ලිබරල්කරණය හා දේශපාලන දිරාපත්වීම නොවැලැක් විය හැකි ලෙසම එකිනෙකට සම්බන්ධ කාරණා දෙකක් බවයි” මෙම තත්වය පිළිබදව මීට වසර 14ට පෙර ඩන්හම් හා ජයසූරිය පවසා ඇත්තේ මෙවැන්නකි” එනම් ලිබරල්කරණය බදු අඩු කරන්නේවත් එය ඉවත් කරන්නේවත් නැත” ඒ වෙනුවට පවතින තත්වයන් ඊට වඩා හොදින් පවත්වාගෙන යයි” දේශපාලකයින්, රාජ්‍ය නිළධාරීන් හා නව කණ්ඩායම් වන මිලිටරියේ හා පොලීසියේ පරිපාලන නිළධාරීන් ස්වයං වර්ධනය සදහා රාජ්‍ය බලය යොදවමින් අදාල තත්වයන් නිර්මාණය කරගනී” කෙසේ වුවද මෙම තත්වයන් තවදුරටත් ක‍්‍රියාත්මක වන දේශපාලනික නිදහසින් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කී‍්‍රයාවලීන්ගෙන් තර්ජනයට ලක්වනවිට නීතිමය, දේශපාලනමය හා ආයතනික නිදහස මැඩපැවැත්වීම සදහා පටිපාටීන් නිර්මාණය කරති” මෙලෙස බලන කල රාජ්‍ය පාලනකයින් උත්සාහ දරනුයේ ලාභ ලැබෙන ලෙස ආර්ථික ප‍්‍රතිසංස්කරණ සකස් කිරීමත් ඒවා ක‍්‍රියාත්මක කිරීමත්ය” ඒ අනුව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා සමාජ දේශපාලන දිරාපත්වීම අන්නෝන්‍ය වශයෙන් අත්වැල් බැදෙමින් ක‍්‍රියාත්මක වේ”

එමනිසාවෙන්ම 1970 ආරම්භ වූ ලිබරල්කරණයත් හා අති විශාල මහවැලි සංවර්ධන ව්‍යාපෘතීන් සමග ඇති වූ අනුග‍්‍රහක දේශපාලනය ශ‍්‍රී ලංකාවේ දේශපාලන යතාර්ථය බවට පත් වුනි. එලෙසින්ම යුද්ධය, රාජ්‍ය ආයතන පරිහානියට වග කියද්දී වෙළඳ ප‍්‍රතිසංස්කරණ නාමයෙන් කළ ලිබරල්කරණ ප‍්‍රතිපත්ති, ආනයන ආර්ථිකය ඉහළ දැමීම, මූල්‍යකරණය, බැංකු සහ කොටස් වෙළදපොල පුළුල් කිරීම හා රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිීකරණය දේශපාලන දිරාපත්වීමට පාර කියුවේය.

පසුගිය අවුරුදු පහක කාලය තුළ රාජපක්‍ෂ රෙජීමය රාජ්‍ය බලය කේන්ද්‍රීය කළ අතර එය මෙගා සංවර්ධන ප‍්‍රතිප්තීන් සඳහා යොදාගත්තේය. එවැනි කේන්ද්‍රීය වූ බලයක් ගොඩනැගීමට සහාය වූයේ වෙන කිසිවක් නොව රාජ්‍ය සහ සමාජය යුද්ධය සමගින් මෙහෙයවීම මගිනි. සමාජය ඉතාමත් දැඩි ලෙස මර්ධනය කළ බැමි ලිහා නොදැමුවේ නම් පමණක් අනාගත රෙජීමයකට එවැනි සංකේන්ද්‍රීය වූ බලයක් ගොඩනැගීමට හැකිවනු ඇත. චිලියේ පිනෝචේ, බි‍්‍රතාන්‍යයේ ත‍්‍රැචර් හා ලංකාවේ ජයවර්ධන එවැනි මර්ධනයක් ක‍්‍රියාත්මක කළ අයය. ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය සදහා යන ගමනේදී යටතල පහසුකම් හා නගර සංවර්ධනය සඳහා එවැනි ඕනෑම මොහොතක් අත්‍යාවශ්‍ය වනු ඇත. නව ලිබරල් රාජපක්‍ෂ රෙජීමයේ ගුණාංගය වූ මර්ධනය සහිත කේන්ද්‍රීය රාජ්‍ය බලය විශේෂයෙන් කොළඹ නගරයේ නගර අලංකරණයට, යටිතල පහසුකම් ඉහළ දැමීමට, හා වෙරළ ආශ‍්‍රිත සංචාරක කර්මාන්තය ගොඩනැංවීමට අත්‍යාවශ්‍ය විය.

එවැනි කේන්ද්‍රීය බලයක් ¥ෂණය හා අනුග‍්‍රාහක දේශපාලනයේද මාවත විය. යටිතල පහසුකම් හා නගර සංවර්ධනයට අවශ්‍ය වූ මෙම නව ලිබරල් තල්ලූව පිටුපස ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රියාකාරීන්, කොළඹ පදනම් කරගත් හා දේශීය වෙළඳ ප‍්‍රජාව ද සිටියේය. රටෙහි ආර්ථීක භූමිය විශාල වශයෙන් පරිවර්තනයට ලක් වූයේ මෙලෙස වර්ධනය වූ ප‍්‍රාග්ධනය ඉදිකිරීම් සඳහා උරාගනිමින් හා යම් යම් පුද්ගලයන්ගෙන් බදු අයකිරීම ඉහළ දමමිනි– නව ලිබරල් සංවර්ධනය හා බදු ඉහළ දැමීම අත්‍යාවශ්‍ය ලෙස එකට බැඳී පවතිී.

මෙම ගතිකයන් ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. බොහෝ අනෙක් රටවල ද විශාල වශයෙන් යටිතල පහසුකම් හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තු, බදු අයකිරීමේ ප‍්‍රතිඵල විය. නව සම්ප‍්‍රදායික ආර්ථික විද්‍යාඥයින් විසින් රාජ්‍ය ව්‍යවසායේ ඇති අකාර්යක්‍ෂමතාවය හා ¥ෂණය පිළිබඳ අදහස් දැක්වුවද පෞද්ගලීකරණය සමගින් ඇතිවන දුෂණය පිළිබඳ ඔවුන් නිහඬ පිළිවෙතක් දරයි.
කෙසේ වුවද නැගෙනහිර යුරෝපය සාක්‍ෂි දරන ලෙසට විශාල වශයෙන් බදු අය කිරීමත් හා බැඳි ඇති විශාල පෞද්ගලීකරණයට මුල් පිරුවේ ඉතා කෙටි පුද්ගල පිරිසකට රාජ්‍ය ධනය මාරුවීම තුළිනි. 2008 දී ගෝලීය ආර්ථික අර්බුදයට මුල පිරුවේ ඇමෙරිකාවේ අධික වශයෙන් ක‍්‍රියාත්මක වූ නව ලිබරල් මූල්‍යකරණය මගින් ආර්ථිකයේ සියලූ අංශයන් ව්‍යුහගත වීමයිි. එයට මූලික ලෙස බලපෑවේ බලශක්ති, දේපල හා මූල්‍ය අංශයන් හි සිදුකළ වංචාවන්ය.

මා මේ සියල්ල හුවා දැකුවූයේ රාජපක්‍ෂ රෙජීමය විසින් දේශපාලන සංස්කෘතියේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කරමින් සිදුකළ දේශපාලන දිරාපත්වීම සාධාරණීකරණය කිරීම සදහා නොවේ. රෙජීමය විසින් සිදුකළ හානිය පූරණය සඳහා අවුරුදු ගණනාවක් ගතවනු ඇත. අනෙක් අතට ¥ෂණය වැලැක්වීම සඳහා ලිබරල් ආයතනවල කාර්යභාරය හෙළා දැකීම සඳහා ද නොවේ. අවශ්‍යවන්නේ සංවර්ධනයේ හරයන් දේශපාලන දිරාපත්වීමට වගකිව යුතු බව හුවා දැක්වීමයි. ආණ්ඩුවේ හා කැබිනට්ටුවේ බොහෝ දෙනා ලංකාවේ දේශපාලනික දිරාපත්වීමට දශක ගණනාවක් පුරා සහාය වූවන්ය. එම නිසාවෙන්ම අප සිහි තබාගත යුතු කරුණ වන්නේ සිය පුද්ගල ධන තණ්හාව මෙන්ම ඔවුන් තෝරාගන්නා ආර්ථික ප‍්‍රතිපත්තිවල හරය හා වගවීමේ අඩුපාඩුව දේශපාලන දිරාපත්වීමට මුල කියන බවයි.
අවසාන වශයෙන් දේශපාලන දිරාපත්වීමට තිත තැබීමට අප සිතන්නේ නම් සංවර්ධනයේ හරයන්ට අදාලව ආර්ථික සංවර්ධනය සඳහා විකල්ප මාර්ගයන් සිතිය යුතු වේ. විශාල සංවර්ධන සිහිනවලට, අතිවිශාල යටිතල පහසුකම් සහිත චිත්තාකරෂණීය වූ නගරවලට, නව ලිබරල්කරණය විසින් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනයට ආරාධනා කිරීමට සිදුවනු ඇත. කෙසේවුව ද මෙවැනි අවස්ථාවක ජනතාවගේ අවශ්‍යතාවයන් වන දේශීය හා ග‍්‍රාමීය යටිතල පහසුකම්, සරිලන රැුකියාවන්, අර්ථවත් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය සරල කිරීමට අත පොවනු ඇත. ඇත්තටම මෙගා සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කරනවා යැයි කී රෙජීමය එලවා දැමීමට පැමිණි පුංචි මිනිසුන්ට අවශ්‍ය වනුයේ කුඩා ආර්ථික සංවර්ධනයකි. රටේ පරිහානියට ක‍්‍රියාත්මක වූ රාජපක්‍ෂ රෙජීමයේ උරුමයක් වූ දේශපාලන දිරාපත්වීම නවතා දැමීමේ නිමේෂයට සත්‍ය වශයෙන්ම මෙම කුඩා මිනිසුන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රික දායකත්වය මග කීවේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සහභාගීත්වය යි. එනිසාම ?ට ලගින කුරුල්ලන් පාලනය සදහා අවශ්‍ය වන ලිබරල්කරණය වෙනුවෙන් මතාවදීමය සහ ආයතිනක හේතූන් සපයන සංවර්ධන විශේෂඥයින් සඳහා අප අවසර දිය යුතු නැත. ලිබරල්කරණය සඳහා විරුද්ධ විය යුතු තවත් කාරණා තිබේ. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අසාධාරණ හා අසමාන සමාජයකට පාර කියන ආර්ථික අසමානතාවය ඉහළ දමන හා අහිමි කිරීම හා සමාජ බහිෂ්කරණයට එය මුල් වීමයි. ඒකාධිපති රෙජීමයේ පාලනය පරාජය කිරීම සඳහා අවශ්‍ය වූ මහජන සහභාගීත්වය ඔවුන්ගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අපේක්‍ෂා මුදුන් පමුණුවන ආර්ථිකයක් සඳහා ද අවශ්‍ය වනු ඇත.