නගර සංවර්ධනය ලෝක බැංකුව මෙහෙයවීම ලංකාව අනුගමනය කිරීම

24 Jun 2013 - Commentary

වත්මන් ආණඩුව උදම් අනන ලෙස ඔවුනගේ නාගරික සංවර්ධන ක්‍රියාමාර්ග ස්වාධීන හෝ සාම්ප්‍රදායික උපාය උපක්‍රම උපයෝගී කරගත්තක් නොවේ එය සිය බලය පතුරුවා ගත් ජාත්‍යන්තර ආයතන වල සහ එහි ආශාවන් මත පදනම්ව තැනුනු උපාය උපද්‍රව සහිත වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නකි මෙම ලිපිය මගින් අපි ශ්‍රී ලංකාවේ නාගරික දැක්ම ප්‍රතිපත්තිවලට සහ ක්‍රියාමාර්ගවලට හැරවීම (2012) සහ ජනතාව සමෘද්ධිය කරා ගෙන යාම වෙනුවෙන් ආර්ථික අවකාශයන් නැවත සැකසීම (2010 ) යන ලෝක බැංකු වාර්තා දෙක පිළිබඳව විග්‍රහයක් කරමු එහි රාජ්‍යයේ සහ විශාල ගෝලීය මුල්‍ය ආයතනවල අශාවන් ඔවුනගේ අසමානත්ව ප්‍රතිපත්තීන්වලට සම්බන්ධව දේශපාලනික මැදිහත්වීම් සහ එමගින් විකල්ප අදහස්වලට ඇති අවකාශයන් සීමා කරන්නේ කෙසේද යන්න සඳහන් කිරීම මෙම ලිපියෙහි මුලික අරමුණය ලෝක බැංකු වාර්ථාවලට අනුව” ආණ්ඩුව ප්‍රතිපත්ති සැකසීමේදී ඉඩම් වෙළදZපල සහ අඩු ආදායම්ලාභී නිවාස සදZහා මුල්‍ය ප්‍රවර්ධනය කිරීම සහ රට පුරා ඇති විවිධ ප්‍රාදේශීය ආයතන සම්බන්ධව ඇති ආර්ථීක කටයුතු හඳුනා ගැනීම සහ සවිමත් කිරීම කෙරෙහි මුලිකව අවධානය යොමු කළ යුතුය’ එසේම විශේෂයෙන් කොළඹ නගරය තුළද අනෙකුත් ප්‍රාදේශීය ආයතනවලද අකාර්යක්ෂම සහ අනවශ්‍ය සේවාවන් සපයන ආණ්ඩුවේ නිළධාරින් පිළිබඳ අවධානය යොමු කළ යුතුය’ මෙම යෝජනාවන් අප ප්‍රශ්න කරන්නේ ඒවා පදනම්ව ඇත්තේ ආර්ථීක සහ අවකාශයන් පිළිබඳZව ඇති අසමානත්වයන් පිළිබඳ ප්‍රමාණවත් විශ්ලේශණයක් නැති නිසාම නොව රාජ්‍ය සහ වෙළඳපල ප්‍රවර්ධනය කරන එම යෝජනාවන් දේශපාලනික වශයෙන් ප්‍රශAනකාරී වන නිසාය.

නිදහස් නාගරික භූමීන් සහ වෙළඳපල උපකරණ මත වූ අස්ථානගත ක්ෂතිය

ලෝක බැංකුව ඉඩම් වෙළඳපල සීමාවන් දකින්නේ නාගරික සංවර්ධනයට බාධාවක් ලෙසය’ භූගෝලීය ආර්ථීකය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් ලෝක බැංකුව තර්ක කරන්නේ සීමා පනවන ලද බදු කුලී ප්‍රතිපත්තීන්ද ඇතුලත් වූ ඉඩම් සංවර්ධන ආඥාපනත (1935) විසින් විවිධ අරමුණු වෙනුවෙන් රාජ්‍යයට අයත් ඉඩම් විකිණීම වැලැක්වීම මගින් කරන්නේ වෙළඳපල විවිධත්වයට හානි කරන බවය. කෙසේ වුවද ප්‍රායෝගික වශයෙන් මෙහි ඇති අරුත අපහැදිලිය’ එය තවදුරටත් මුඩුක්කු නිවාස ඉවත් කිරීම සහ ඉඩම් අලූතින් නම් කිරීම මගින් මිනිසුන්ට එම ඉඩම් නිදහසේ විකිණීමට සහ මිලදී ගැනීමට හැකියාව ලැඛෙන බව තර්ක කරයි’ මෙම නිදහස් වෙළඳපල පිළිබඳ වෙනස්කම් මගින් මග හරිනු ලබන කාරණය නම් මේවා මගින් ප්‍රතිලාභ ලබන්නන්ගේ පන්තිමය සාධකයයි’

බැංකුව විසින් මේ පිළිබඳ දක්වා ඇති අදහස්වලින් පෙනී යන්නේ පෞද්ගලික ඉඩම් සංවර්ධනයද ඇතුලත්ව කොළඹ නගරය ලස්සන කිරීමේ ව්‍යාපෘතිය මගින් සියල්ලන්ම ප්‍රතිලාභ ලබන බවය’ කොළඹ නගරය තුළ වෙසෙන අවවරපප්‍රසාදිත නිවාස පෞද්ගලික ඉදිකිරීම්කරුවන් හරහා සංවර්ධනය කිරීම සහ වෙළඳ කටයුතු සදZහා ප්‍රධාන ඉඩම් මුදා හැරීම මහින්ද චින්තනයේ මූලිකව දක්වා තිබුණි’ කලින් අප සදZහන් කර ඇති ආකාරයට කොළඹට අදාලව කෙරෙන ˆමෙඝා ව්‍යාපෘතින්˜ යොමුව ඇත්තේ සංචාරක කර්මාන්තය සහ ප්‍රාග්ධනය ඒකරාශී කිරීමක්් සදZහා මිස නාගරික අසමානතාවයන් නැති කිරීම සදZහා නොවේ’

පවතින බැංකු ආයතන මූලිකව අවධානය යොමු කර ඇත්තේ වෙළඳමය වශයෙන් වැදගත්වන කණ්ඩායම්වලට බවත් ඔවුන් දුප්පත් ජනයා මග හැර ඇති බවත් එම ආයතන අඩු ආදායම්ලාභී නිවාසලාභීන්ට නිවාස ණය ලබා දය යුතු බවටත් බැංකුව විසින් දක්වා ඇති නගර සංවර්ධනය පිළිබඳ වාර්ථාව තර්ක කරයි’ මෙම ණය ලබා ගැනීම සදහා පැහැදිලිතාවයක් සහ ආරක්ෂිත ඔප්පු වැනි දේ තිබීම අනවශ්‍ය වුවද ඉන් සෙත සැලසෙන්නේ බැංකු නගා සිටු වීමටය’ තවදුරටත් දුප්පත්කම සහ අඩු ආදායම් සදZහා මග සලසන සමාජර්‍ණ ආර්ථීක සහ දේශපාලන බැහැරකරණය පිළිබඳ සලකා බැලෙන්නේ නැත’ බැංකුව පෞද්ගලික ණය දෙන රැකවරණ වෙළදපල නගා සිටුවීම පිළිබඳ අවධානය යොමු කර තිබුනද මෙම මුල්‍යකරණයන්හි ඇති අහිතකර බලපෑම් පිළිබඳ අවධානය යොමු කර නැත’

බැංකු වාර්තාව විසින් මග හැර ඇති බොහෝ කාරණාවලට අමතරව මෙම වාර්තාව ඉඩම් වෙළඳපල සීමාවන් සහ රාජ්‍ය ඉඩම් පිළිබඳ දක්වා ඇති එකිනෙකට පරස්පර ආස්ථානයන් නගර සංවර්ධනය සදZහා බරපතල ලෙස බලපාන බව පෙන්වීමට අපි කැමැත්තෙමු’ බැංකුව විසින් දක්වා ඇති කොළඹ නගරයෙහි මෙම ප්‍රතිපත්තිලවට අදාල ඉඩම් ඇත්තේ සියයට 10-20 පමණි’ අවසාන වශයෙන් බැංකු වාර්තාව ගමේ සිට නගරයට පැමිණෙන්නන් සහ සංක්‍රමණික සේවකයින් මෙම ඉඩම් පිළිබඳ සීමාවන් මගින් අවධානමට ලක්වන්නේ නැති බව දක්වයි’ උදාහරණයක් ලෙස බැංකු වාර්තාවට අනුව කොළඹ නගරය තුළට දැනට එන යන්නන්ගේ සංඛ්‍යාව 400-500 000කි’ එහෙත් මෙම නාගරික ඉඩම්වලට ඇති සීමාවන් ඉවත්කිරීම මගින් පෙනී යන්නේ මෙම ප්‍රතිපත්තිවලින් සේවය සැපයෙන්නේ බැංකුවලට මිස ජනයාට නොවන බවයි.

ඓතිහාසික වශයෙන් අන්ධය” අවකාශමය වශයෙන් අදේශපාලනිකය

ජාතික තලයේදී මුලිකව අවධානය යොමු කර ඇත්තේ විවිධ ප්‍රදේශවල ආර්ථීක කටයුතු සම්බන්ධ කිරීම වෙනුවෙනි’ ජාතික පිඹුරුපත්වලට අනුව ලෝක බැංකුව විසින් ප්‍රධාන වශයෙන් ප්‍රදේශ පහක් සහ ප්‍රධාන නගර නමයක් හදුනාගෙන ඇත’ එනම් කොළඹ” උතුරු මැද” දකුණ” නැගෙනහිර සහ උතුරු යන පළාත් සහ අම්පාර” අනුරාධපුරය” මඩකලපුව” කොළඹ” දඹුල්ල” හම්බන්තොට” යාපනය” පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයයි’ ප්‍රතිව්‍යුහගත කරන ආර්ථීක තලය දළ දේශීය ආදායමෙන් සියයට 50 ක ප්‍රමාණයක් නිශ්පාදනයට මුලිකස්ථානය දෙන අතර එය අපේක්ෂා කරන්නේ බස්නාහිර පළාතෙනි’

ලෝක බැංකු වාර්තාව මෙම සංඛ්‍යාත්මක දත්ත අතර තිඛෙන පැහැදිලි අසමානතාවයන් නොතකා සංක්‍රමණය සිය කැමැත්තෙන් සිදුකිරීම සදZහා ජාතික සුභසාධනය ඉහළ නංවන අවකාශමය වශයෙන් අන්ධ වූ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව තර්ක කරයි’ වාර්තාව තවදුරටත් මෙම ප්‍රවේශයන් කර්මාන්ත ප්‍රතිව්‍යාප්තියක් ඇති කරමින් ආර්ථීකමය පරිවර්තනයක් සිදු කරන්නේ නැති බව හඳුනාගනී’ ලෝක බැංකුව විසින් තවදුරටත් දක්වන්නේ කර්මාන්ත සහ නිශ්පාදනය වෙනත් පළාත්වල ඇතිකරනු වෙනුවට ආණ්ඩුව විසින් ආයෝජකයන් විසින් එක් එක් ප්‍රදේශවලට අදාලව අවස්ථාවන් සහ සීමාවන් වශයෙන් හඳුනා ගැනෙන්නේ මොනවාද යන්න හඳුනා ගත යුතු බවයි’

මෙම ප්‍රවේශය විසින් මග හරිනු ලබන කාරණය නම් එක් එක් ප්‍රදේශ විවිධ ආර්ථීක කටයුතු සදZහා මැදිහත් විය යුත්තේ ඇයිද යන්නය’ එය ලංකාවේ ආර්ථීකය උදෙසා ඓතිහාසිකමය වශයෙන් ගෝලීය ප්‍රාග්ධනයේ වැදගත්කම නොසලකා හරී’ එනම් මධ්‍යම පළාතේ තේ කර්මාන්තය විසින් ඇති කළ බලපෑම මෙන්ම 1970 දී නිදහස් වෙළඳ කලාප විසින් බස්නාහිර පළාතේ ඇති කළ වෙනස්කම නොසලකා හැරීම මගින් පෙන්නුම් කරනනේ අසමාන සංවර්ධනයන් කෙරෙහි වාර්තාව මගින් නොසලකා හැර ඇති බවයි’ මෙම මුලික කාරණා මග හැරීම මගින් පෙන්නුම් කරන්නේ පවතින ප්‍රදේශ අසමාන සංවර්ධනයන් සහ විදේශ ආනයන මුල්කරගත් ආර්ථීකයක් ලෙස ලංකාවේ තත්වය සාධාරණීකරණය කරන බවත්ය’

පවතින දේශපාලන තත්වයට අදාලව උතුර සහ නැගෙනහිරට අදාල පශ්චාත් යුධ බලපෑම මුල් කොටගෙන අවතැන් වූ සහ ක්ෂතිමය අත්දැකීම්වලට මුහුණ දුන් ජනයා වෙළඳපලට ප්‍රවේශවීම පිළිබඳ ගැටලූවට ඇද දමා ඇත’ එනම් ජාතිභාෂාමය සහ ආගමික වශයෙන් ඇති අසමානත්වය හේතුකොටගෙන රාජ්‍ය විසින් ප්‍රදේශ මුල්කරගත් ප්‍රතිපත්තීන්ද කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වාර්තාව දක්වයි’ තවදුරටත් එමගින් දක්වන්නේ භාෂාව” ජාතිය” හෝ ආගම විසින් රට එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයක් වෙන් කිරීමට සමත් නිසා සංක්‍රමණික වෙළඳ බලවේග සහ අන්තර් වෙළඳාම අඩු කරනු ඇති බවයි’

යුධ බලපෑම පිළිබඳ මෙම විකාර සහගත විශAලේෂණයන් නිසා අවතැන් වූ ජනයාගේ පැවැත්ම අමතක කරනවා පමණක් නොව එල්.ටී.ටී.ය. සහ රාජ්‍යයේ මිලිටරිකරණය විසින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට කර ඇති දේශපාලන බලපෑම සහ බලය පිළිබඳ කාරණාද මග හැර ඇත’ තවදුරටත් එයට ආණ්ඩුවට ජාතික ගැටලූවේ සියලූ ප්‍රශ්න සංවර්ධනයට ඌණනය කර ගැටලූවට අදාල මුල් ප්‍රශ්න මගහැර සිටීමට අවස්ථාවක්ද ලැඛෙනු ඇත’
ප්‍රජාතන්ත්‍රවාදය දිගු කරනු වෙනුවට වෙළදපල කාර්යක්ෂමතාවය

විශේෂයෙන් බැංකු වාර්තාව විසින් වත්මන් ආණ්ඩුවේ ආයතනවල අනවශ්‍ය සේවා අතිරික්තය පිළිබඳ දක්වා ඇත’ එය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය” නාගරික සංවර්ධන අධිකාරිය සහ 1977 ජයවර්ධන ආණ්ඩුවෙන් පසු ලිබරල්කරණය සමග නගර සංවර්ධනයට අදාල වෙනත් වැදගත් ආයතන පිළිබඳ ඉතිහාසය කෙටියෙන් දක්වා ඇත’ ඉන්පසු එය අසන ප්‍රශ්නය නම් ආරක්ෂක අමාත්‍යාංශය සහ නගර සංවර්ධනය සම්බන්ධ කර ඇත්තේ කෙසේද යන්නයි’ මෙම කියවීම් විසින් දේශපාලන ප්‍රවේශයන් එනම් ප්‍රාදෙAශීය බල සභාවලට” විශේෂයෙන් නගර සභාවට” එසේම කොළඹ නගරයෙහි ඇති සංවර්ධන ක්‍රියාමාර්ගවලට ඇති ප්‍රවේශයන් අමතක කර දමයි’ ඒ වෙනුවට වාර්තාව විසින් අවධානය යොමු කරන්නේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම කෙරෙහිය’

බැංකු වාර්තාව විසින් වත්මන් දේශපාලන සහ පරිපාලන තත්වයන්ට සිය කැමැත්ත සෘජුව පෙන්නුම් කරන්නේ නැති අතර එය විසින් වත්මන් ආණ්ඩු පරිපාලනය මධ්‍යගත සහ ඛෙදුනු එකක් ලෙස තර්ක කරයි’ වාර්තාවෙහි ඇති භාෂාව විසින් දේශපාලන සම්බන්ධතා කෙරෙහි ඇති බරපතල ප්‍රශ්න මග හරියි’ ආර්ථීක පරිවර්තනයන් විසින් විශාල ජන කොටසක් විශෙAෂයෙන් නගරයෙහි වෙසෙන දුප්පත් ජනයා වෙළඳපල තුළට ඇද දමමින් සහ අසමාන සංවර්ධනයන් ඇති කරන සහ ආණ්ඩුව විසින් සහ ලෝක බැංකුව විසින් වර්ධනය කරන නගර සංවර්ධන ක්‍රියාමාර්ග මගින් සමාජයේ දුප්පත් කොටස්වලට දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන්ද හානිකර තත්වයන් ඇති කරනු ඇත’