ජීවන වියධම, බඩුමිල ඉහල යාම සහ නවලිබරල්වාදය

23 Jun 2013 - Editorial

වෘත්තිය සමිති උද්ඝෝෂණ සහ සමාජ ක්‍රියාකාරකම් පැන නැගෙමින් පවතින අතර මුලික කාරණය වන්නේ බඩුමිල ඉහල යාමට සාපේක්ෂව අදායම් ඉහල නොයාමයි. ඒ වගේම, ශ්‍රී ලාංකීය ඉතිහාසය පුරාවට, අඩු වැටුපක් යටතේ වුවත් දෛනික ජන ජීවිතය යම් දුරකට හෝ පහසු කල නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි සමාජ ශ=භසාධන ප්‍රතිපත්තීන්ද වර්තමානය වනවිට තර්ජනයට ලක්වී තිබේ.

සාමාන්‍යය ජනයා මුහුණ දෙන අසාධාරණයන් අභියෝගයට ලක්වී නොතිබුණාමද නොවේ. පසුගිය වසර දෙක තුල සාමාන්‍යයෙන් සතියකට වරක් එක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක් ආරම්භ කරන බවට අනතුරු හැඟවීමක් හෝ දක්නට ලැබු‚. පුද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව 2011 වර්ෂයේ මැද භාගයේදී ඇතිවූ දැවැන්ත උද්ඝෝෂණය අතරතුරදී එක් කම්කරුවෙකු මිය ගියේය. 2012 වසරේ ජනවාරි මාසයේදී ඇතිවූ සටන්කාමී සිසු උද්ඝෝෂණ නිසා පුද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට සිදු විය. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව 2012 පෙබරවාරි මාසයේදී වෙරළබඩ ප්‍රදේශ අක්‍රිය කරමින් දියත් වුනු ධීවර ජනතාවගේ උද්ඝෝෂණය කෙලවර වුයේ පොලිස් වෙඩි තැබීමෙන් එක් ජීවිතයක් බිලි ගනිමිනි. විශ්වවිද්‍යාල ආචාර්ය වැඩ වර්ජනය නිසාවෙන් පසුගිය වර්ෂයේ අග භාගයේදී මාස තුනකට ආසන්න කාලයක් සියලූම විශ්වවිද්‍යාල වසා දැමුනේ ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනයන්ගෙන් එකක් ලෙස එය සනිටුහන් කරමිනි. ඒ වගේම, විදුලිබිල වැඩි කිරීම හේතුවෙන් මෑතකදී මුලික වෘත්තිය සමිති ක්‍රියාකාරකම් උද්ගත විය.

දිනෙන් දින ඉහල යන ණය තුරුස් වලින් පමණක් තාවකාලික සහනයක් අත් විඳින ග්‍රාමීය ඉඩම් අහිමි ජනතාවගේ සහ නාගරික දුප්පත් ජනතාවගේ දෛනික ජීවිතය, ජීවන වියධම ඉහල යාමත් සමඟ කොතෙක් දුරට හිරිහැරයට ලක්වනවාද යන්න එවැනි විරෝධතා වලින් පිළිඹිබු කෙරේ. මෙවැනි ඉරණමක් රටේ බහුතරයක් ජනතාව අත් විඳීම, රජය විසින් වර්ණනා කරනු ලබන —සමෘධිමත් දේශීය ආර්ථීකයක්˜ යන සංකල්පයට පරස්පර වේ. රජයේ දැඩි ස්ථාවරය වන්නේ රටේ බහුතර ජනතාවකට බලපාන ආර්ථීක දුෂ්කරතාවලින් මිදීමට නම් තවදුරටත් සමාජ ශ=භසාධන අරමුදල් කප්පාදු කිරීම සහ භාණ්ඩ මිල ඉහල දැමීමට සිදුවන බවයි. නමුත්, පසුගිය වසරේදී ජීවන වියධම ඉහල දැමීම සහ භූමිතෙල් මිල වැඩිකිරීමත් මෙම වසරේදී විදුලි මිල ඉහල දැමීමත්, අධ්‍යාපන සහ සෞඛ්‍යය සේවා සඳහා වැඩි වැඩියෙන් පුද්ගලික ආයතන කරා ජනතාවට යොමු වීමට සිදුවීමෙනුත් පෙන්නුම් කෙරෙන්නේ නවලිබරල් ආර්ථීක පරිණාමනය තවදුරටත් ජනතාවට වේදනාකාරී බවයි. ජීවන වියධමේ ක්ෂ‚ක වර්ධනය විසින්, ආර්ථීක වශයෙන් දුප්පත් සමාජ කණ්ඩායම්, විශේෂයෙන්ම වැඩකරන ජනතාව, වතු කම්කරුවන්, දෛනික වැටුප් ලබන ග්‍රාමීය.

කම්කරුවන් සහ මුල්‍යමය දීමනා නොලබන ගෘහස්ථ ජනතාව තවදුරටත් දුර්වල කෙරෙමින් පවතී.

රාජ්‍ය අකර්මන්‍යය කර ලාභ ලබන පුද්ගලික ව්‍යාපාර ප්‍රවර්ධනය කරන නවලිබරල් ප්‍රතිසංස්කරණවල ඉතිහාසය, ඒවා මුල්ම වරට මෙරටට හඳුන්වා දුන් 1977 ජෙ.ආර්. ජයවර්ධන පාලන සමය දක්වා ගමන් කරයි. කෙසේ නමුත් ඒවා පූර්ණ ලෙස බලාත්මක වුයේ පශ්චාත් යුධ සන්දර්භය තුලය. ගෝලීය නවලිබරල් ආර්ථීක ප්‍රතිපත්ති තුලින් ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල ආකර්ශනීය වෙනස්කම් රැසක් ඇති කිරීමට සමත්ව තිබේ. සත්‍ය වශයෙන්ම, නවලිබරල් ආර්ථීක ප්‍රතිපත්ති, එමගින් ඇති කරන සහ පුළුල් කරනු ලබන ආර්ථීක අසමානතාවයන් වසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ව්‍යාජ වේශයන් ලෙස පෙනී සිටී. නවලිබරල්වාදය මගින් පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක භාණ්ඩ සහ සේවා සපයමින් වෙළඳපොල ප්‍රසාරණය කෙරෙමින් පවතී. එවැනි එක් ප්‍රසාරණයක් නම්, ණය මත පදනම්ව පාරිභෝගිකයින්ට ගණුදෙනු කිරීමේ පහසුකම් සැලසීම. නමුත් අදායම් වැඩි නොවන තත්වයක් තුල එවැනි ආර්ථීක රටාවක් තිරසාර නොවේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමත් වෙළඳ දැන්වීම් සහ නව මාදිලියේ අලෙවිකරණ සහ ලීසිං ගනුදෙනු කිරීම වැනි පරිභෝජන ක්‍රමවේදයන් මගින් ප්‍රවර්ධනය කෙරෙන පරිභෝජන සංස්කෘතියත් මගින් ගෘහස්ථ වියධම් රටාවන් සැලකිය යුතු වෙනස්කම් වලට භාජනය කර ඇත. එවැනි පරිභෝජන රටාවන් මුල්‍ය ප්‍රාග්ධන සමුච්චන උපායමාර්ගයේ කොටසක් වන අතරම එමගින් තමනට හිමි සුළු වත්කම් පවා අහිමි කරමින් පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් ණයකරුවන් බවට පත්කෙරේ.

නවලිබරල්වාදයේ අහිතකර බලපෑම් අවම කිරීමේ පළමු පියවර විය යුත්තේ, අප පරිභෝජනය කරන්නේ මොනවද? ඉගෙන ගනු ලබන්නේ මොනවාද? සහ වෙළඳපොලත් පංති කාමරයත් අතර ඇති සම්බන්ධය කුමක්ද? යන්නත් ඇතුළුව නවලිබරල්වාදය අපගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති ආකාරය පිළිබඳව ප්‍රාමා‚ක අවබෝධයක් ලබා ගැනීමය. දේශපාලනික ක්‍රියකාරකම් ඔස්සේ, රාජ්‍යයේ සහ බාහිර බලවේග වල නවලිබරල් ආර්ථීක ප්‍රතිපත්තීන් පරාජය කල හැක්කේ, අපගේ දෛනික පැවැත්ම තුල ඒවා සාමාන්‍යකරණය වී තිබිමට එරෙහි වීමෙන් පම‚. මෙම වෙබ් අවකාශය තුල නවලිබරල් ආර්ථීක ප්‍රතිසංස්කරණ සහ ජනතාවගේ සමාජ සහ ආර්ථීක ජීවිතයට ඒවායෙහි බලපෑම පිලිබඳ සාකච්චා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එවැනි නවලිබරල් ප්‍රතිසංස්කරණවලට එරෙහි වීමට අප ඉහල වටිනාකමක් ලබා දෙන අතරම ඊට විකල්පයන් ලෙස ශ්‍රී ලංකාවෙහි සහ ලෝකයේ අනෙකුත් රටවල්වල ඉදිරිපත් වී ඇති යෝජනාද ඉස්මතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.