අහිමි කිරීමේ දේශපාලනය

30 Aug 2013 - Commentary

උතුරේ විනාශකාරී යුද්ධයෙන් වසර හතරකට පසුව, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දිගින් දිගටම ප‍්‍රමාද කළ උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිතය. එවැනි මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳවත්, උතුරු පළාත් සභාවට හිමිවන බලතල සහ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමේ ආරම්භක පියවරක් ලෙස එයට ඇති ශක්‍යතාවය පිළිබඳවත් විවිධාකාරයේ වාද විවාදයන් සිදු වෙමින් පවතී. රජයේ පාර්ශවයෙන් මැතිවරණය පැවැත්වීමේ ප‍්‍රමාදය, උතුරේ අඛණ්ඩ හමුදාකරණය, පළාත් සභාවල බලතල මෑතකාලීනව කප්පාදු කිරීම සහ මැතිවරණය පවත්වන මෙන් ඉන්දියාවේ සහ අනෙකුත් ජාත්‍යන්තර බලවේගයන්ගෙන් ශ‍්‍රී ලංකා රජයට එල්ල වුනු බලපෑම් පිළිබඳව පුළුල් වශයෙන් වාර්තා වේ. කෙසේ වෙතත්, පශ්චාත් යුද සමයට අදාළ ආර්ථික සන්දර්භයට සහ මැතිවරණය පැවැත්වෙන යුද්ධයේ බලපෑමට ලක්වූ ජනතාවගේ දෛනික ජීවිතයේ මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව අවධානය යොමුව ඇත්තේ ඉතා අවම වශයෙනි.

ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊ.ජ.ප‍්‍ර.ප.* ඇතුළත් එක්සත් ජනතා නිදහස් සංධානය (එ.ජ.නි.ස.* සහ දෙමළ ජාතික සංධානය (දෙ.ජා.ස.* යාපනය, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත‍්‍රික්කවලින් සමන්විත උතුරු පළාත් සභාවට මෙවර තරඟ වදින ප‍්‍රධාන දේශපාලන සංධාන දෙකක් වේ.

යුද්ධයේ අවසාන දශකය තුළ යාපනය සෘජුවම යුද්ධයේ බලපෑමට ලක් නොවූ නමුත්, යාපනයට ළඟා වන ගොඩබිම් මාර්ග සම්පූර්ණයෙන් අවහිර වී තිබුණු අතර, අවසන් වසර දෙක තුළ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්ක බිමටම සමතලා විය.

ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් විස්සෙන් පංගුවකට ආසන්න ප‍්‍රමාණයක්, එනම් මිලියනයකට ආසන්න ජනතාවක් උතුරු පළාතේ ජීවත්වන අතර ඉන් 580,000 ක පිරිසක් යාපනය දිස්ත‍්‍රික්කයේ ජීවත් වෙති. ඉහතින් සඳහන් දේශපාලන සංධාන දෙකම දැනට පවතින තත්වයන්හි වෙනසක් ඇති කිරීමට සමත් වේ දැ’යි සැකයක් උතුරේ සාමාන්‍ය ජනයා අතර පවතී. භූමියෙහි වර්ධනය වෙමින් පවතින සමාජ සහ ආර්ථික අභියෝගයන් මෙම ලිපියෙන් පැහැදිලිව විස්තර කෙරේ.

ප‍්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ සහ ණය

යුද්ධය අවසන් වූ වහාම රජයේ උතුර ප‍්‍රතිසංස්කරණයේ මූලික උපාය මාර්ගය වූයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. ඒ අනුව බැංකු සහ මූල්‍ය ආයතන ණය ලබා දීම සඳහා උනන්දු කෙරුණි. එමෙන්ම, ඒ 9 (්9* මාර්ගය නැවත විවෘත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස දශක ගණනාවක සිට උතුරේ දක්නට නොලැබුන පරිභෝජන භාණ්ඩවලින් සමන්විත සිල්ලර වෙළෙඳපොළක් උතුරට පොම්ප කෙරුණි.

කෘෂිකර්මය සහ ධීවර කර්මාන්තය නැවත නගා සිටුවීමේ රජයේ මුල් උපාය මාර්ගයට අනුව ග‍්‍රාමීය ජනතාව වගා බිම් සහ මුහුද කරා යාමට උනන්දු කෙරුණි. ප‍්‍රතිසංස්කරණය කරන ලද අධිවේගී මාර්ග සහ කාපට් මාර්ග විසින් උතුර, දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශ සමඟ සම්බන්ධ කෙරුණු අතර ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රම මගින් කිසිදිනෙක විදුලිබලය නොතිබූ නිවාස සමහරකට විදුලි බලය ලබා දුනි. දුම්රිය මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීම, මඩු සහ මන්නාරම අතර දුම්රිය සේවයක් ඇති කිරීම සහ නුදුරු දිනවල දී කිලිනොච්චියටත්, වසර 2014 දී යාපනයටත් දුම්රිය සේවාවන් ස්ථාපිත කිරීම පශ්චාත් යුද සමය තුළ ප‍්‍රදේශ අතර සබඳතාවයන් ගොඩ නැංවීම වෙනුවෙන් වූ ප‍්‍රධාන දායකත්වයන්ය.

ලෝක බැංකු සහ අනෙකුත් ආධාරවලින් නොයෙකුත් නිවාස ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණු අතර මෑතකදී ඉන්දීය රජයේ ආධාර මත නිම කෙරුණු නිවාස 50,000 දැවැන්ත ව්‍යාපෘතිය යටතේ දහස් සංඛ්‍යාත පවුල්වලට මුල්ම වතාවට කොන්ක‍්‍රීට් නිවාස හිමි විය. තවත් සමහර පවුල්වලට යුද්ධයෙන් විනාශ වූ ඔවුන්ගේ නිවාස අලූත්වැඩියා කර ගැනීමට සහනාධාර හිමි විය. ප‍්‍රතිසංස්කරණය පිළිබඳව මෙවැනි පසුබිමක් තිබියද, ජනතාව බලාපොරොත්තු සුන් වූ මට්ටමට පත් කෙරෙන දේශීය ආර්ථිකයට කුමන ඉරණමක් අත් වී තිබේද?

මෙයට පිළිතුර ඇත්තේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, වෙළඳපොළ තර්කනයේ විනාශකාරී තත්වයන්, ආදායම් මාර්ග ඇණහිටීම්, සහ ග‍්‍රාමීය ණය ඉහළ යාම ආදී තත්වයන් අවධාරණය කිරීම තුළ ය. ප‍්‍රධාන මාර්ග සංවර්ධනයට වැඩි අවධානයක් යොමු වී ඇති අතර දුෂ්කර ගම්මාන කරා යන මාර්ග සහ ධීවර ජනතාව වෙනුවෙන් කුඩා වරායන් සහ වැව් ඇතුළු අනෙකුත් වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණයට හිමිව ඇත්තේ අඩු ප‍්‍රමුඛතාවයකි.

කුඩා පැල්පතක් ඉදි කර ගැනීමට ලබා දුන් රුපියල් 25,000 ක සුළු ප‍්‍රතිපාදනය ද නිසියාකාරයෙන් බෙදා දී නොමැත. කෘෂිකාර්මික සහ ධීවර කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා වාණිජ බැංකු මගින් සහන පොලී අනුපාතික යටතේ රුපියල් 200,000 ණය මුදලක් පමණක් ජනතාවට ලබාදී ඇත. එබැවින් පුනරුත්ථාපන ක‍්‍රියාවලියේ මුල් පියවරයන් මගින්ම ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා සෘණාත්මක ආරම්භයක් ලබාදී ඇති බැව් තහවුරු වේ.

රූපවාහිනී යන්ත‍්‍ර, ශීතකරණ, යතුරුපැදි වැනි පරිභෝජන භාණ්ඩ සහිත වෙළෙඳපොළක ක්ෂණික පොම්ප කිරීම හමුවේ උතුරේ ජනතාව අසීමිත පරිභෝජන රටාවකට අනුගත වෙමින් සිටිති. ලීසිං පහසුකම්, ඉතුරුම් සහ තැන්පතු අඩු කරන වාරික ගෙවීමේ ක‍්‍රම මගින් එවැනි පරිභෝජන රටාවකට අවශ්‍ය ආර්ථික වටපිටාව සකස් කෙරේ. ණය පදනම මත ගනුදෙනු කිරීම හරහා ඉතිරිකිරීමේ සම්ප‍්‍රදායකට උරුමකම් කියන යාපනයේ ප‍්‍රජාවන් ණය නමැති ප‍්‍රපාතයට තල්ලූ කෙරෙමින් පවතින අතර ස්ථිර ආදායම් මාර්ගයක් නැති වටපිටාවක මෙම තත්වය තවදුරටත් උග‍්‍ර කෙරේ.

යුද සමය තුල නිසරු තත්වයට පත් වූ වගා බිම් නැවත අස්වැද්දීමට සමහර පවුල් උත්සාහ කළද නිසි කලට වැසි නොලැබීම සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල වෙළෙඳපොළ මිල ගණන් උච්චාවචනය වීම හේතුවෙන් යාපනය ප‍්‍රදේශයේ වෙළඳ බෝග වගාකරුවෝ මෙන්ම වන්නි ප‍්‍රදේශයේ වී ගොවිතැනෙහි නියැලෙන ගොවීහු ද මහත් අසීරුතාවයට පත් වී සිටිති.

බෝග වගාවන් අසාර්ථක වීම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස වගා කටයුතුවලට අවශ්‍ය කුලී ශ‍්‍රමයට ඇති ඉල්ලූම පහළ යාම නිසා ඉඩම් අහිමි කම්කරුවන් දැඩි ලෙස පීඩනයට ලක්ව ඇත. කෘෂිකාර්මික කටයුතු සඳහා යාන්ත‍්‍රික උපකරණ භාවිතය තුළ ශ‍්‍රම අතිරික්තයක් ඇති කිරීමෙන් වන්නි ප‍්‍රදේශයේ තත්වය තවදුරටත් උග‍්‍ර කෙරී ඇත.

උතුරු මුහුදේ හොර රහසේ ධීවර කටයුතුවල නියැලෙන තමිල්නාඩු ට්‍රෝලර් යාත‍්‍රා නිසාවෙන් ධීවර ප‍්‍රජාවන් අසරණ තත්වයට පත්ව සිටී. ට්‍රෝලර් යාත‍්‍රා නිසා සිදුවන පරිසර හානිය හේතුවෙන් ට්‍රෝලර් භාවිත නොකෙරෙන ධීවර කටයුතුවලදී ලැබෙන්නේ අඩු මත්ස්‍ය අස්වැන්නකි. මෙම තත්වය තුළ කෘෂිකාර්මික සහ ධීවර ප‍්‍රජාවන්ගෙන් යම් පිරිසක් සීමිත, නමුත් ස්ථාවර ආදායම් මාර්ගයක් උදාකර ගත හැකි බටහිර ආසියාවේ විවිධ රැුකියා සඳහා යොමු වෙමින් පවතී. අනෙකුත් පිරිස් ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලවල් නිසා කිසියම් ඉල්ලූමක් පවතින පෙදරේරු වැඩ සහ මාර්ග ඉදි කිරීම් වැඩ වෙත යොමුවෙමින් සිටී. නමුත් ප‍්‍රතිසංස්කරණ සහ මාර්ග සංවර්ධන කටයුතු සඳහා වර්තමානයේ පවතින තාවකාලික අවධානය පහළ ගිය විට ශ‍්‍රමය සඳහා ඇති මෙම ඉල්ලූම නුදුරු අනාගතයේ දී පහළ යාමට වැඩි ඉඩක් පවතී.

ආර්ථික තත්වයන් නගා සිටුවාලීම සඳහා ණය පහසුකම් සැලසීමේ අරමුණින් බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන විවෘත කිරීමෙන් සත්‍ය වශයෙන්ම සිදුවී තිබෙන්නේ එහි ප‍්‍රතිවිරුද්ධ දෙයයි. එනම් දමිළ ජනතාව ආර්ථික වශයෙන් ගෙල මුලින්ම සිර කර ඇත. බැංකු විසින් පහසු ගෙවීමේ ක‍්‍රමයට ණය ලබා දෙනවා පමණක් නොව, වටිනා භාණ්ඩ උගසට තබා ගෙන ණය ලබා දීම සිදු කරනු ලැබේ. බැංකු සහ අනෙකුත් මුල්‍ය ආයතන විසින් සහන ලබා දෙන්නේ වාරික මත පදනම වූ සහ ලීසිං ක‍්‍රමය මත පදනම් වූ ව්‍යාපාර සඳහාය. ක්ෂුද්‍ර ණය :ඵසජරද ක්‍රුාසඑ* ලබා දෙන්නේ ඉතා අසාධාරණ පොලී අනුපාතිකයන් යටතේය. එබැවින් සූරාකන බැංකු සහ ණය විසින් ග‍්‍රාමීය ප‍්‍රදේශ ග‍්‍රහණයට ගෙන ඇත.

ග‍්‍රාමීය ජනතාවගෙන් බොහෝ දෙනෙක් තමන් ලබා ගත් ණය මුදලට මාසිකව ගෙවිය යුතු පොලී මුදල් නිසාවෙන් නැවත මිදීමට ඉතා අපහසු ණය උගුල්වලට අසුවී සිටිති. ත‍්‍රිරෝද රථ සහ ට‍්‍රැක්ටර් වැනි ලීසිං ක‍්‍රමයට ලබාගත් භාණ්ඩ නියමිත මුදල් ගෙවීමට නොහැකි වීම නිසා නැවත පවරා ගෙන තිබේ. ආරම්භක ගෙවීම් සඳහා තම කුඩා වත්කම් පවා විකුණමින් යෙදවූ මුදල් පවා මේ හේතුවෙන් ග‍්‍රාමීය ජනතාවට අහිමි වී ඇත. ණය නැවත අය කර ගැනීම සඳහා පසුගිය මාස කිහිපයේදී බැංකු කළමනාකරුවන් සහ පොලීසිය සාමාන්‍ය ජනතාවගේ නිවෙස්වලට ගොස් ඇති අතර එමගින් භීතිය සහ සමාජ ආතතිය තවදුරටත් වැඩි කෙරෙමින් පවතී. සාරාංශයක් ලෙස, කෘෂිකාර්මික සහ ධීවර ප‍්‍රජාවන්ගෙන් බහුතරයක් පහළ යන අදායමට අමතරව වැඩි වන ණය තුළ ද ගිලෙමින් සිටිති.

නැවත පදිංචි කිරීම, ඉඩම් සහ නිවාස

නාගරීකරණය ප‍්‍රමුඛ කරගත් සංවර්ධන ව්‍යාපෘතීන් පසෙක තිබියදී, යාපනයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු බිඳ වැටීම ප‍්‍රතිපක්ෂ ව්‍යාපාරයන්ට මග පාදමින් තිබේ.

නිවාස, අධ්‍යාපනය සහ රැුකියා අවස්ථා ඇති කරන නැවත පදිංචි කිරීමේ නිසි යාන්ත‍්‍රණයක් නොමැති වීම හේතුවෙන් උතුරෙන් පලවා හරින ලදුව දශක දෙකකට ආසන්න කාලයක් පුත්තලම ප‍්‍රදේශයේ අවතැන්ව වෙසෙන සහ නැවත යාපනයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ මුස්ලිම් ජාතිකයින්ට යාපනයේ තමන්ගේ මුල් ගම්බිම්වල ජීවත් වීමේ බලාපොරොත්තුව මේ වන විට අහිමි වෙමින් පවතී. උතුරු පළාතේ මුස්ලිම් ජාතිකයන්ගේ ඉරණම, දෙමළ - මුස්ලිම් සබඳතාවල දේශපාලනයට සම්බන්ධතාවයක් දක්වනවා වුවත් යාපනයේ දෙමළ ජාතිකයින්ගෙන් බොහෝ දෙනෙක් තවමත් ජන ජීවිතය යථා තත්වයට ගෙන ඒමේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිති.

යාපනයේ ජනගහනය ආසන්න වශයෙන් වර්තමාන ජනගහනයට සමාන වූ 1960 දශකයේ මුල් අවධියේ දී ඉඩම් සඳහා වූ දැඩි ඉල්ලූම නිසාවෙන් යාපනයේ දෙමළ ජනතාව කෘෂිකාර්මික කටයුතු සඳහා වන්නියේ පදිංචියට පැමිණියේය. 1995 වසරේදී කොටි සංවිධානය තම මෙහෙයුම් මධ්‍යස්ථානය යාපනයේ සිට වන්නිය කරා ගෙන යන විටත් එවැනි ජන සංක‍්‍රමණයන් යාපනයේ සිට වන්නිය කරා අඛණ්ඩව සිදු විය.

යුද්ධයේ අවසාන අදියරේ දී වන්නියේ සිවිල් වැසියෝ බොහෝ දෙනෙක් බිහිසුණු ඉරණම්වලට ගොදුරු වූහ. රැුඳවුම් කඳවුරුවලින් නිදහස් වූ පසු වසර 2010 ඔවුහු නැවත යාපනයට පැමිණියහ. පසුගිය වසර දෙක තුළ ආර්ථික ජීවිතය පණ ගැන්වීමේ උත්සාහයන් අසාර්ථක වූ බැවින් සහ වන්නි ප‍්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු ස`දහා සාපේක්ෂව ඉහළ දීමනාවක් ලබා ගැනීමේ ඉඩකඩ පවතින බැවින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත වන්නි ප‍්‍රදේශ කරා පැමිණෙමින් සිටිති.

යුද්ධයේ බිහිසුණුම අවධියට මුහුණ දුන් වන්නි ප‍්‍රදේශයේ, විශේෂයෙන්ම කිලිනොච්චි සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල ජනතාවගේ තත්වය ඉතා බරපතලය. කාන්තා ගෘහ මුලික පවුල්, යුද වැන්දඹුවන් සහ සැමියා අත්හැර ගිය කාන්තාවන්, මෙම ප‍්‍රදේශවල ඉතා ඉහළ මට්ටමකින් සිටින අතර පසුගිය අවුරුදු කිහිපය තුළ සමාජ - ආර්ථික පීඩනයන්ගේ බලපෑම එයට එක් හේතුවකි. නිවෙස්වල පවතින එවැනි ගැටළු ළමුන්ගේ අධ්‍යාපනයට ද බලපානු ලැබේ.

වන්නියේ මිලිටරිකරණය වඩාත් මර්දනකාරී වන අතර කුමනාකාරයේ රැුස්වීමක් හෝ පැවැත්වීමට හමුදාවේ අනුමැතිය අවශ්‍ය වනවා සේම සෑම තැනකම පාහේ හමුදාව සුලභව දැකිය හැකිය. හමුදා කඳවුරු ඉදිකිරීමට සහ හමුදාව විසින් පවත්වා ගෙන යන ගොවිපොළවල් සඳහා වන්නි ප‍්‍රදේශයේ ඉඩම් විශාල වශයෙන් අත්පත් කර ගැනීම තුළින් දීර්ඝ කාලීන හමුදාකරණයක ලක්ෂණ දැකිය හැකිය. නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාවලිය තවමත් විවාද සම්පන්න මට්ටමක පවතින අතර ඒ පිළිබඳ යථාර්ථය සහ වාර්ගික පදනම් මත ගොඩනැගුණු කටකතා තුළින් ජනවර්ග පිළිබඳ සාවධ්‍ය මතයන් තවදුරටත් තීව‍්‍ර කරනු ලැබේ.

සැබවින්ම, මුස්ලිම් සහ සිංහල ජාතිකයන් යුද සමය තුළ උතුරු ප‍්‍රදේශයෙන් අවතැන් වූයේ නම් අවතැන් වූ දෙමළ ජනයා සමඟ ඔවුන්ව ද නැවත පදිංචි කළ යුතුය. කෙසේ වෙතත් ගැටළුව වන්නේ රජයේ අමාත්‍යවරුන් සහ හමුදාවේ උසස් නිලධාරීන්, ඡුන්ද කොට්ඨාශ මට්ටමින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වාර්ගික පදනමින් නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාවලිය මෙහෙයවීමයි. ඉඩම් යනු දෙමළ ප‍්‍රජාවට සෑම විටම මුලික වැදගත්කමක් ඇති කරුණකි. මීට මාස කිහිපයකට පෙර ඉඩම් නැවත පවරා නොදෙන බව සහ යාපනය වලිකාමම් උතුර ප‍්‍රදේශයේ අලූතින් ඉඩම් පවරා ගන්නා බවට හමුදාව විසින් නිකුත් කළ නිවේදනය දැවැන්ත උද්ඝෝෂණවලට හේතු වූ අතර එමඟින් වර්ධනය වූ ආණ්ඩු විරෝධී ආකල්පයන් දෙමළ ජාතික සන්ධානයේ (දෙ.ජා.ස.* ඡුන්ද පදනම ශක්තිමත් කිරීමට හේතු විය. හමුදාකරණය සහ ඉඩම් ගැටළුව පළාත් සභාව ඉදිරියේ ඇති මුලික ප‍්‍රශ්න වේ. මෙම සන්දර්භය තුළ, ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදෙන බවට ජනාධිපති විසින් කළ ප‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඉඩම් සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු මැතිවරණයෙන් පසුව ද අඛණ්ඩව ඉදිරියට පවතිනු ඇති බවයි.

නිවාස ව්‍යාපෘතීන්, පහළ පංතීන්ගේ ජීවන තත්වයන් සහ ගරුත්වය නගා සිටුවීමට සැලකිය යුතු දායකත්වයක් දක්වන නමුත් එයට අදාළ ගැටළු කිහිපයක් ද පවතී. නිවසකට හිමිකම් කීමට නම්, පවුලේ විශාලත්වය සහ ඉඩමට ඇති නීත්‍යානුකූල අයිතිය සම්බන්ධයෙන් උපමානයන් කිහිපයක් සපුරාලිය යුතු වේ. උදාහරණයක් විදිහට, යාපනයට නැවත පැමිණි මුස්ලිම් ජාතිකයින් හට පරම්පරා ගණනක් තිස්සේ කොටස් කිරීම නිසා නාගරික ඉඩම් ගණයට වැටෙන බිම් කොටස්වල අයිතිය අහිමි වී තිබේ. ඉඩම් ලබා දීමේ මෙවැනි සමහර ගැටළුවලට රජය අභිමුඛ වී සිටී.

මෙම තත්වය තුළ, ඉන්දීය නිවාස ව්‍යාපෘතියට අදාළ ඉතා වැදගත් කාරණයක් වන්නේ, එමඟින් එක් නිවසකට ලබා දෙන රුපියල් 550,000 ක මුදල නිවැසියන්ගේ ණය තත්වය තවදුරටත් ඉහල නැංවීමට හේතු විය හැකි බවයි, මෙයට ප‍්‍රධානතම හේතුව වන්නේ, නියමිත මුදලින් නිවසක් සම්පූර්ණයෙන් ගොඩනැගීමට හැකි දැයි සොයා බැලීමේ විධිමත් ක‍්‍රමවේදයක් නොමැති වීමයි.

එබැවින්, නිවසක් සම්පූර්ණ කිරීමට රුපියල් 900,000 දක්වා නිවැසියන් විසින් අමතර ණය බොහෝ විට ලබා ගන්නා අතර එමගින් නිවාස ව්‍යාපෘතියේ සමස්ත තර්කනයම ප‍්‍රශ්න කෙරෙන අතර නිවැසියන් උග‍්‍ර ණයගැතියන් බවට පත් කෙරේ.

ක්ෂතිය :එර්මප්*, පරායත්තබාවය :ෘැචැබාැබජහ* සහ උත්කර්ෂය :ත්‍කසටයඑ*

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සමඟ වැඩ කරන සමහර ක‍්‍රියාකාරීන් පවසන පරිදී පශ්චාත් යුද සමයෙහි ප‍්‍රතිඵලයක් ලෙස වන්නියේ ජනතාවට බලපා තිබෙන ක්ෂතිමය තත්වයට පිළියම් කිරීමට උපදේශන සේවාවන් ක‍්‍රියාත්මක කළ යුතුව තිබේ. මෙම තත්වය ඇති වී තිබෙන්නේ, යුද්ධයේ අවසන් අදියරට ගොදුරු වූ වන්නි ජනතාවට මානසික සහ සමාජීය සේවාවන් සැපයීමේ ක‍්‍රියාවලියෙන් රාජ්‍ය නොවන සංවිධාන බැහැර කර, ඒ වෙනුවට ජනාධිපති කාර්ය සාධක බලකාය ප‍්‍රතිසංධාන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල වගකීම දරන සන්දර්භයක් තුළ ය. උතුරේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල සීඝ‍්‍රයෙන් ඉහළ යන පවුල් සබඳතා බිඳ වැටීම්, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සහ අපහරණයන්, ළමුන්ගේ පාසල් යාම් අඩුවීම සහ බලාපොරොත්තු විරහිතභාවයන් හරහා යුද්ධයේ සමාජ බලපෑම් සහ පශ්චාත් බලපෑම් දෘශ්‍යමාන වේ.

අලසකම සහ පරායත්තභාවය :ාැචැබාැබජහ* විසින් සමස්ත ප‍්‍රජාවම වෙළා ගෙන ඇති බව ප‍්‍රගතිශීලී ප‍්‍රජා නායකයින්ගේ අදහසයි. එක් පැත්තකින් මෙය යුද්ධයේ සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මානුෂීය ආධාර සපයන ලද පශ්චාත් සුනාමි පුනරුත්ථාපන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයකි. කෙසේ වෙතත්, රැුකියා අවස්ථා ලබා ගැනීමට ඇති අපහසුතාවය විසින් පරායත්තභාවය තවදුරටත් වර්ධනය කෙරෙමින් තිබේ. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ කෙටිකාලීන සරල විවේචන ඉදිරිපත් කිරීම මගින් දේශීය මුලපිරීම් සහ සංවිධාන විසින් බරපතල හානියක් සිදු කර ඇති අතර ඉතා මෑතකාලීනව, දේශපාලන අනුග‍්‍රහයන් නිසා ප‍්‍රජා රැුස්වීම්, ජනතාව සංවිධානය කිරීම වෙනුවට හුදෙක් පරිභෝජන අවශ්‍යතා පිළිබඳ දැනුවත් කෙරෙන පත‍්‍රිකා බෙදාහරින රැුස්වීම් බවට පත්ව තිබේ.

එතෙර සිටින ඥාතීන් විසින් එවනු ලබන මුදල්වලින් ජීවන වියදම් පියවා ගන්නා යාපනයේ මධ්‍යම පාංතිකයන්, අනාගතයේදී තරුණ පරම්පරාව ඩයස්පෝරාවට සම්බන්ධ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එය යාපනයේ සමාජ සංවිධාන වලට බරපතල හානියකි. කෙසේ වෙතත්, ඩයස්පෝරාවෙන් ලැබෙන මුදල්, ප‍්‍රමාණයෙන් අඩුවෙමින් පවතින අතර බටහිර රටවල් සංක‍්‍රමණ නීති රීති දැඩි කරමින් සිටී. මේ නිසා ඩයස්පෝරාව මත රඳා පැවතීම සහ බටහිර රටවලට සංක‍්‍රමණය වීම අභියෝගයට ලක්වී ඇති අතර එය සමාජ ඒකාබද්ධතාවයට සහ පුද්ගල අභිප‍්‍රායන්ට තර්ජනයක් වී ඇත.

අනතුරුදායක බෝට්ටු ඔස්සේ ඕස්ටේ‍්‍රලියාව වැනි රටවලට පලා යාම වැනි ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමට තරම් ග‍්‍රාමීය ජනතාව බලාපොරොත්තු විරහිත තත්වයට පත්ව සිටිති. එවැනි බලාපොරොත්තු සුන්වීමක්, දශක ගණනාවක් පැවති යුද්ධය, දැවැන්ත ජීවිත හානිය සහ ජීවිත බේරා ගත්තවුන්ගේ අසරණභාවය සමඟ ගැට ගැසී ඇති අතර සමස්තයක් ලෙස ඔවුන්ගේ දේපල අතිබහුතරයක් ඔවුනට අහිමි විය.

ආකර්ෂණීය දේශපාලන සහ ආර්ථික දැක්මක් නැති තත්වයක් තුළ, ජනතාව විකල්පයන් ලෙස වෙනත් භූමියකට පලා යාම හෝ මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍යවලට යොමු වීම, සමාජීය සහ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, සහ දුප්පත්කමේ විවිධාකර උගුල්වලට හසුවීම වැනි සමාජීය හුදකලාවෙහි පසුගාමීය තත්වයන් කෙරෙහි නැඹුරු වීම සිදුවේ. යුද්ධය පැවති සමය තුළ දිවි බේරා ගත්තවුන්ගේ සහජාසය තුළ යහපත් අනාගතයක් වෙත සමාජය ගමන කරතැ’යි බලාපොරොත්තුවක් තිබුණි. නමුත් පශ්චාත් යුද සමය තුළ අත්විඳිමින් සිටින ආර්ථික දුෂ්කරතාවයන් නිසාවෙන් එවැනි බලාපොරොත්තුවක සලකුණු පවා විනාශ වෙමින් පවතී.

සමුපකාර, අධ්‍යාපනය සහ කුලය

යුද්ධය පැවති දශක කිහිපය තුල මිනිසුන්ගේ දරා ගැනීමේ හැකියාවට ප‍්‍රධානතම හේතුවක් වුයේ පෙර පරම්පරාවන් විසින් ගොඩ නගන ලද සමාජ ව්‍යුහයන්ය. යාපනයේ සෑම ගමකම පාහේ ප‍්‍රජා මධ්‍යස්ථාන එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති අතර ඒවා බොහෝ විට ප‍්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයට සම්බන්ධ වී ඇති අතර ප‍්‍රාදේශීය කුල සබඳතා මගින් ඒවායේ හැඩය තීරණය කෙරේ. යුද්ධයෙන් පසුව කෘෂිකාර්මික කටයුතු නැවත පණ ගැන්වීමට ගොවි සංවිධාන බෙහෙවින් වැදගත් වේ. පරිභෝජන සමුපකාර සම්ප‍්‍රදාය පරිහානියට පත් වී ඇති අතර නිෂ්පාදන සමුපකාර තවමත් සැලකිය යුතු මට්ටමකට ක‍්‍රියාත්මක වේ.

සෑම ධීවර ගම්මානයකටම එක් සමිතියක්, ගම්මාන කිහිපයකට එක් කාර්යාලයක්, යාපනය දිස්ත‍්‍රික්ක මට්ටමින් ධීවර සමුපකාර සම්මේලනයක් ලෙස ධීවර සමුපකාරවලට ධූරාවලිගත ව්‍යුහයක් පවතී. යුද සමය තුල ධීවර ප‍්‍රජාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමටත් පසුව මුහුදට නිදහසේ ප‍්‍රවේශ වීමට සහ ධීවර කර්මාන්තය නැවත නගා සිටුවීමටත් ශක්තිමත් පදනමක් වුයේත් එම ශක්තිමත් ව්‍යුහය ය. එමෙන්ම, වසර 40 කට පෙර ස්ථාපිත කරන ලද තල් සහ පොල් සමුපකාර සමිතිය රා මදින ප‍්‍රජාවට ගෞරවයක් ගෙන දීමට සමත් වී ඇති අතර යුද සමය තුළදී මෙන්ම ඉන් පසුව අවතැන් තත්වය තුළත් ඔවුන්ගේ කටයුතු අඛණ්ඩව කර ගෙන යාමට කටයුතු සම්පාදනය කිරීමේ ලා එය වැදගත් කාර්යයක් ඉටු කරමින් සිටී.

යුද්ධයට පෙර උතුරේ පැවති ආර්ථික වර්ධනය සහ සමුච්චනය මගින් වඩාත් ශක්තිමත් වූ සහ යුද්ධය අතරතුර දී ජන ජීවිතයට ශක්තියක් වූ මෙම ග‍්‍රාමීය සමාජ ව්‍යුහයන්, උත්ප‍්‍රාසජනක ලෙස මේ මොහොතේ දැඩි පීඩනයට ලක්වී තිබේ. අඩු මත්ස්‍ය අස්වැන්න නිසා ධීවරයින් බොහෝ දෙනෙකු ධීවර කර්මාන්තයෙන් ඉවත් වී සිටීම තුළ ඔවුන්ගේ ආර්ථික පදනම අභියෝගයට ලක් වී තිබුන ද පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේ හොර රහසේ මසුන් මැරීමේ නියැලෙන ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සමඟ ඇති වී තිබෙන ඝට්ටනය නිසා ධීවර සමුපකාර ක‍්‍රමක‍්‍රමයෙන් දේශපාලනීකරණය වෙමින් පවතී. යාපනයේ තැබෑරුම්හල් විවෘත වීම සහ ඉහළ සමාජ තත්වයක් ඇති බියර් සහ ඉහළ ඇල්කොහොල් ප‍්‍රතිශතයක් ඇති අරක්කු වර්ග අති විශාල පරිමාණයෙන් දකුණේ සිට උතුරට ගලා ඒම නිසා රා සඳහා තිබු ඉල්ලූම ක‍්‍රමයෙන් පහළ යමින් පවතී. එබැවින්, යුද සමය තුළදීත් අකර්මණ්‍ය නොවූ ධීවර සහ රා මදින්නන්ගේ සමුපකාර සමිති, පශ්චාත් යුද දේශපාලනය සහ විවෘත වෙළඳපොල තුළ මේ වනවිට දැඩි අනතුරකට මුහුණ පා තිබේ.

යාපනයේ දෙමළ සමාජයේ ශක්තියට මුලිකම හේතුවක් නම් ශක්තිමත් අධ්‍යාපන සම්ප‍්‍රදාය සහ දීප්තිමත් පාසැල්ය. උතුරේ ප‍්‍රජාවගෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන්, විශේෂයෙන්ම පාසැලෙන් බැහැර අමතර පුද්ගලික පංති වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි. එලෙස පුද්ගලික පංති මත රඳා පැවතීම දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලින් වෙනස් නොවන අතර එමඟින් පිළිඹිබු වන්නේ සමස්ත අධ්‍යාපන ක‍්‍රමයේම පවතින අර්බුදයයි. මෙහිදීත් බරපතලම හානිය සිදුවී තිබෙන්නේ ග‍්‍රාමීය පාසල්වලට වන අතර ඒවායේ සේවය කරන ගුරුවරුන් එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් නොවන අතර බොහෝවිට නාගරික පාසැල් වලින් මාරු කර එවන පුද්ගලයින් සුළු පිරිසක් නගරයේ ප‍්‍රධාන පාසල්වලට තම දරුවන් යැවීමට සමත් වී තිබේ. එමඟින්, පීඩිත කුලවල, එනම් ඉඩම් අහිමි කම්කරු ජනතාවගේ දරුවන් පහසුකම් අඩු ග‍්‍රාමීය පාසල්වලට සීමා වන අතර එය පාසලේ සහ නිවසේ වටපිටාවත් සමාජීය හුදකලාභාවයත් විසින් අධ්‍යාපනික මට්ටමින් ඉහළට යාමට ඇති සුළු අවස්ථාවන් හෝ අහිමි කරමින් ඔවුන්ව සමාජීය බහිෂ්කරණයේ චක‍්‍රයකට ඇද දමනු ලබයි.

දැවැන්ත ඉදිකිරීම් සහ වෙළෙඳ සංකීර්ණ සඳහා කෙරෙන රජයේ ආයෝජන මගින් ආන්තික ප‍්‍රජාවන් බහිශ්කරණය :ෑංජකමිසදබ* කෙරේ. එමෙන්ම, ප‍්‍රාදේශීය බලවත් පුද්ගලයින් සහ ඩයස්පෝරාවේ ඔවුන්ගේ ඥාතීන් විසින් කෙරෙන ආයෝජනයන්ද බොහෝවිට ආගමික ස්ථාන ගොඩ නැගීමට සහ ප‍්‍රධාන පාසැල් සංවර්ධනය කිරීමට යොමුවන අතර එමඟින් උතුරේ දමිළ සමාජයේ කුල සහ පංතිමය ගොඩනැංවීම් ශක්තිමත් කෙරේ. සැබවින්ම ඉඩම් කරා නැවත යොමුවීම, ආගමික සිද්ධස්ථාන කරා නැවත යොමුවීම සහ පාසැල් සියුම් ලෙස විභේදනයට ලක් කිරීම තුලින් යාපනයේ සහ උතුරේ අනෙකුත් ප‍්‍රදේශවල කුල සම්බන්ධතාවල ගතිකයන් නැවත ශක්තිමත් කරනු ලැබේ. කුල සබඳතාවල නූතන ලක්ෂණය කලහකාරී සහ ප‍්‍රචණ්ඩ නොවුනත් එය, කුලය පිළිබඳ මතු වන ඕනෑම සංවාදයක් නිශ්ශබ්ද කරමින් සමාජීය බහිශ්කරණ සහ අහිමි කිරීමේ ක‍්‍රියාවලීන් ඔස්සේ ක‍්‍රියාත්මක වේ. පශ්චාත් යුද සමයෙහි ආර්ථික වෙනස්වීම්, සමාජ ආයතනික ව්‍යුහයන් සහ ග‍්‍රාමීය ආර්ථිකයන් අර්බුදයට ලක් කරමින් සිටින අතර ආන්තික ජනතාවගේ අධ්‍යාපනය පවා කටුක තත්වයකට පත් කරමින් පංති සහ කුල අසමානතාවයන් ඒ හරහා තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතී.

ආර්ථික අර්බුද සමයක දේශපාලනය

මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයට අදාළ ආර්ථික පසුබිම වන අතර ආර්ථික දුෂ්කරතාවයන් ග‍්‍රාමීය ජනතාවගේ සංවාදයන්හි නොවැළැක්විය හැකි ලෙස අවධාරණය කෙරේ. නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හෝ පළාත් සභා අපේක්ෂකයින්ට හෝ දෙමළ ජනමාධ්‍යයට හෝ ආර්ථික ගැටළු පිළිබඳ සැලකිය යුතු යමක් ප‍්‍රකාශ කිරීමට නොමැත. වඩාත් නරකම කාරණය වන්නේ, ස්ත‍්‍රීන්ගේ ලිංගිකත්වයට සහ නිදහසට චෝදනා කරමින් ඔවුන් මෙම සමාජ ආර්ථික ගැටළු යුද්ධයෙන් පසුව ඇතිවූ සංස්කෘතික පරිහානියකට, ලඝු කිරීමයි. දමිළ ජාතිකවාදී දේශපාලනය සහ වගකීම් විරහිත, දරුණු ජාතිකවාදී දමිළ ජනමාධ්‍ය අතර ඇති සම්බන්ධය මගින් සාමාන්‍ය ජනතාවගේ දෛනික යථාර්ථයෙන් බොහෝ දුරස් දේශපාලන කතිකාවක් නිර්මාණය කර ඇත. නමුත් එවැනි කතිකාවක්, වත්මන් රජයේ හමුදාකරණය මර්දනකාරී පරීක්ෂාවන් සහ සිංහල - බෞද්ධ ජාතිකවාදී තෙරපීම් මගින් ශක්තිමත් කෙරේ.

මෑත සති කිහිපය තුල බලාපොරොත්තුවේ ක්ෂණික දීප්තිය වුයේ මිනිසුන් කතා කිරීමට පටන් ගැනීමයි. යටත් විජිත සමයේ අවසාන කාලයේ දී එනම් 1930 දශකයේ ක‍්‍රියාත්මක කෙරුණු ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හරහා ලබා දුන් සර්වජන ඡුන්ද බලය හේතුවෙන්, යුද්ධයට පෙර පැවති මැතිවරණවලදී ජනතාව වීදිවල, ප‍්‍රජා මධ්‍යස්ථානවල සහ නිවෙස්වල මැතිවරණ පිලිබඳ ඉතා උනන්දුවෙන් සංවාදවල නිරත වූ සම්ප‍්‍රදායක් විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එම සාරය, ගම් මට්ටමේ සංවාදවල දී ද දක්නට ලැබුණි.

සෑම පක්ෂයක් විසින්ම තෝරා ගෙන ඇති ඡුන්ද අපේක්ෂකයින් පිළිබඳ බොහෝ විවේචන පවතී. විවිධ ගම්වල, ග‍්‍රාමීය අංශවල සහ සමාජ ආයතනික ව්‍යුහවල සේවය කළ නියෝජිතයන්ගේ නම් අපේක්ෂක ලැයිස්තුවල අන්තර්ගත නොවන්නේ ඇයිදැ’යි ප‍්‍රශ්න මතු කෙරී ඇත. දශක ගණනාවකට පසුව ජනතාව විසින් කුල ප‍්‍රශ්නය මතු කර ඇති අතර පීඩිත කුලවල අපේක්ෂකයින් තෝරා ගන්නා ලෙස දෙ.ජා.ස. සහ එ.ජ.නි.ස. ට බලකෙරී ඇති නමුත් එම පක්ෂ විසින් ඉදිරියේදී කුල පීඩනයට අදාළ ප‍්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරාවි යයි අපේක්ෂා කළ නොහැක. තමන් මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව සහ සමාජීය ආයතනික ව්‍යුහයන් සම්බන්ධයෙන් ඔවුන් යොදන වැදගත්කම පිළිබඳව ස්වයං විවේචනාත්මකව සාකච්ඡුා කිරීමට අවස්ථාවක් මැතිවරණය විසින් ජනතාවට ලබා දී ඇත.

රජයේ ප‍්‍රතිසංස්කරණ සහ සංවර්ධන වැඩපිළිවෙල පැහැදිලිවම අසාර්ථක වී ඇත. පුද්ගලික ව්‍යාපාර සහ ස්වයං රැුකියා ප‍්‍රවර්ධනය කිරීම හරහා වෙළෙඳපොළ සහ ප‍්‍රාග්ධනය විසින් යුද්ධයෙන් බිඳ වැටුණු සමාජයක් ගොඩ නැගිය හැකි යයි විශ්වාස කරන නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන් විසින් එහි ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිඵල එනම් ණයගැතිභාවය සහ දිළිඳුකම ජනිත කොට ඇත. ගොවීන්, ධීවර ප‍්‍රජාව සහ රා මදින්නන් එක් යථාර්ථයක් අවබෝධ කර ගෙන ඇත. එනම්, විවෘත වෙළෙඳපොළ විසින් ඔවුන්ගේ ජීවිත අභියෝගයට ලක් කර ඇති අතර ඒ සඳහා මිල පාලනයක් අත්‍යවශ්‍ය බවයි. මේ යුගයේ අවශ්‍යතා වන්නේ ස්ථාවර ආදායම් අවස්ථා ඇති කළ හැකි රාජ්‍ය සහාය ලබන කර්මාන්ත ඇති කිරීම වන අතර රජය සමඟ දීග කමින් සිටින අන්තර්ජාතික ආධාර සපයන ආයතනයෝ මෙයට විරුද්ධ වෙති. උතුරේ පැවති දීප්තිමත් අධ්‍යාපන සම්ප‍්‍රදාය නැවත පණ ගන්වා ගැනීමට නම්, රාජ්‍ය සහ සමාජීය මැදිහත් වීම් පමණක් නොව, ග‍්‍රාමීය ආර්ථිකයේ, විශේෂයෙන්ම ඉඩම් අහිමි කම්කරු ජනතාවගේ ආර්ථිකයේ පරිවර්තනයක් අත්‍යවශ්‍ය වේ. එහිදී, තරුණ පරම්පරාවට රැුකියා අවස්ථා ලබා දීම ප‍්‍රමුඛ විය යුතුය.

මර්දනකාරී රාජ්‍ය සහ බංකොලොත් දමිළ ජාතිකවාදී දේශපාලනය අතර සිර වූ ජනතාව, තමන්ගේ දෛනික ජීවිතයේ දේශපාලනය සලකුණු කිරීමට මැතිවරණය භාවිත කරමින් සිටිති. සාමාන්‍ය ජන ජීවිතයක අත්‍යවශ්‍ය අංග යයි සැලකෙන රැුකියා, අධ්‍යාපනය සහ නිවසක් සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රමුඛතාවයන් වේ. එමෙන්ම, දේශපාලනික නියෝජනය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ගරු කිරීම මත ඔවුන්ගේ ගෞරවය රඳා පවතී. විනාශයට පත් වූ ජනතාව දිනා ගැනීමට ඇති අවස්ථාව රජය විසින් නාස්ති කරමින් සිටින අතර එම ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් සිටී. මෙයට එරෙහිව සැලකිය යුතු විරෝධයක් මැතිවරණයේදී අපේක්ෂා කළ හැකිය. මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති දෙ.ජා.ස. සහ ඔවුන්ට අනුබද්ධ දෙමළ මාධ්‍ය විසින් දෙමළ ජාතිකවාදය අලෙවි කරමින් ගෙන යන ඔවුන්ගේ ගැටළුකාරී ක‍්‍රියා පටිපාටිය සහ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා නොසලකා හැරීම පිළිබඳ තම හෘද සාක්ෂීන් විමර්ශනයට භාජනය කළ යුතුය. තේරී පත් වීමට ආසන්නව සිටින පළාත් සභා පරිපාලනය මුහුණ දෙන එක් අභියෝගයක් වන්නේ මධ්‍යම රජයෙන් පළාත් සභාවලට නියමිත බලතල එලෙසින්ම ලබා දෙනවාද යන්න තහවුරු කර ගැනීමයි. නමුත් ඊටත් වඩා බරපතල අභියෝගය වන්නේ ස්වයං විවේචනාත්මක වැඩපිළිවෙලක් දමිළ සමාජය තුල ආරම්භ කිරීමයි. එවිට, යුද්ධයෙන් පීඩනයට පත් ජනතාවගේ, විශේෂයෙන්ම ආන්තිකකරණය සහ සමාජීය වශයෙන් බහිෂ්කරණයට ලක්වූ ජන කොටස්වල ප‍්‍රජාතන්ත‍්‍රීකරණය සහ සමාජ ආර්ථික තත්වයන් නැවත පණ ගැන්වීම ආරම්භ කළ හැකි වනු ඇත.

අහිලන් කදිරගාමර්

පරිවර්තනය: උපුල් වික‍්‍රමසිංහ (ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රීකරණය සඳහා වූ සාමුහිකයරැු ක්‍දකකැජඑසඩැ දෙර ෑජදබදපසජ ෘැපදජර්එස‘්එසදබ*
සහාය : දමිත් චන්දිමාල්